
(ගයාන් සූරියආරච්චි)
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
උතුරු නාවික විධානයට හා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුවට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා මෙම මෙහෙයුම් සිදුකරනු ලැබූ අතර තවත් ධීවර යාත්‍රා කීපයක් මෙරට මුහුදු සීමාවෙන් පලවාහැරීම ද සිදුකෙරිණි.
එහිදී තව දුරටත් මෙරට මුහුදු සීමාවේ රැදී සිටි ඉන්දීය යාත්‍රා 3 ක් සමග ධීවරයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් අතර නාවික හමුදාව විසින් ඔවුහු ඉරණතිව් දූපත වෙත රැගෙන එනු ලැබූහ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දීය ධීවරයෝ 33 ක් අත්අඩංගුවට