IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයි

(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර මේ රටට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14න් හතක් වසරක කාලයක් සඳහා ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය බාරගත් බව පැවසූ රඹුක්වැල්ල මහතා චීන රජයේ එම ප්‍රදානය ඉතා සතුටින් බාර ගන්නා බවද ප්‍රකාශ කළේය.

ඖෂධ සම්බන්ධයෙන් යම් යම් අපහසුතා ඇති බව පිළිගන්නේ යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඖෂධ ප්‍රශ්නය කෙසේ වෙතත් පාලනය කරගත හැකි මට්ටමක පවතින බවද සඳහන් කළේය.

ඖෂධ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වසන් නොකරන බවත් සියලු තොරතුරු පාර්ලිමේන්තුවටද දැනුම් දුන් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග ලයිස්තු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලයට දැනටමත් බාරදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

ඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site