
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ පැළදීමට ඕවරයකට ලකුණු 8.3 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 166 ක් රැස්කළ යුතුය.
ඉන්දීය සුපිරි පිතිකාරී ස්මිත්‍රි මන්දනා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 60 ක් රැසකිරීමටට සමත් වූවාය.
ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් කාවුර් කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තෝරාගත්තාය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165 (ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)
COMMENTS