
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පස්වරුවේ යළි ඉන්දියාව බලා දිවයිනෙන් පිටත් විය.
සංචාරය නිම කළ ඉන්දීය උප ජනාධිපතිවරයා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් පිටත් විය. ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සුබ පැතීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොල වෙත පැමිණි අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතාද එක්විය.
ඉන්දීය උප ජනාධිපතිවරයා පසුගිය 19 වැනිදා මෙරටට පැමිණි අතර සිය දෙදින සංචාරය තුළ වැදගත් සාකච්ඡා සහ වැඩසටහන කීපයකට සහභාගී විය. ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ඊයේ (19) දිනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.
අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගත්තේය.
මෙම නිල සංචාරයේ දෙවන දිනය වූ අද දිනයේ ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වූ අතර එහිදී මලෛයගම් ප්‍රජාවද හමු විය.
නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd