IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දුනීසියාවේ මියගිය ගණන ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදු වූ භූමි කම්පාවෙන් 56 ක් මියගොස් තවත් 700 තුවාල ලබා ඇතැයි ඉන්දුනීසියානු ජාතික ආපදා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාව ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට කිලෝමීටර් 75ක් පමණ ගිනිකොන දෙසින් චියන්ජූර් නගරයේ පොළොවේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් හට ගත් බව කාලගුණ හා භූ භෞතික විද්‍යා ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. නමුත් භූමි කම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකෙරිණි.

භූමි කම්පාව හේතුවෙන් චියන්ජූර් නගරයේ නිවාස 300 හානි වී හෝ විනාශ වී ඇති බවත් පදිංචිකරුවන් පිරිසක් කඩා වැටුණු නිවාස තුළ සිරවී සිටින බවත් ඔවුන් මුදවා ගැනීමට සහන සේවකයන් කඩිනමින් කටයුතු කරන බවත් බටහිර ජාවා හි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පැවසුවේය.

භූමි කම්පාව ඇති වී පැය දෙකක කාලයක් තුළ පසු කම්පන 25ක් ඇති වූ බව ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.භූමි කම්පාව හේතුවෙන් විශේෂයෙන් වර්ෂාව ඇති වුවහොත් නායයෑම් සිදුවිය හැකි බව ඉන්දුනීසියානු බලධාරීන් අනතුරු ඇඟවූවේය.

චියන්ජූර් නගරයේ ප්‍රදේශයකට නාය යෑම් හේතුවෙන් ප්‍රවේශ වීමේ මාර්ග අවහිර වී ඇති බවත් එම ප්‍රදේශයේ සිටින ජනතාව ඉවත් කිරීම ඉතාමත් අපහසු වී ඇති බවත් ආණ්ඩුකාර රිද්වාන් කමිල් ප්‍රකාශ කළේය.

මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දුනීසියානු බලධාරීහු පැවසූහ.

 

(ඩයනා උදයංගනී)

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් පුද්ගලයන් 46 දෙනකු පමණ මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර් තා කර ඇත.

මෙම භූ කම්පනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වී ඇත්තේ සියන්ජූර් නම් ප්‍රදේශයයි.



අදහස් (0)

ඉන්දුනීසියාවේ මියගිය ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site