(ටී.කේ.ජී.කපිල )

13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ " සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ " ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සංගීත  තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 21 දින සිට 27 දින දක්වා ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

ඔවුන් මෙම ජයග්‍රහණ රැගෙන 28 දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා '' සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ '' කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .