IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉදිරියටත් රනිල් ගැන බලාපොරොත්තු තැබීමේ වරදක් නෑ

(ඩයනා උදයංගනී)

ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි  කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ඔහු අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති නමුත් මෙම අවස්ථාවේදී පක්‍ෂයේත්, රටට හිතවත් කාගේත් ප්‍රධානම අභියෝගාත්මක කාර්යය හා විය යුත්තේ රට ගොඩගැනීිම බවත්,  ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්ය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදයක් දිනාගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.  

එබැවින් රටට හොඳක් වන දෙයක් ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (12)

ඉදිරියටත් රනිල් ගැන බලාපොරොත්තු තැබීමේ වරදක් නෑ

අරවින්ද මොනරවිල Tuesday, 04 April 2023 02:59 PM

ඔව් උබ ගානේ ගහපං මෙහෙම පෝස්ටරයක් " මහ දවල් මහ බැංකුවේ සිදු කරන ලද මහ මංකොල්ලයේ මහ හොරාව ජනාධිපති කරමු " කියලා.

:       15       27

Dharmatileke Tuesday, 04 April 2023 02:59 PM

ඇයි මහින්ද සුළගට මොකද උනේ ..

:       4       23

Shyam Tuesday, 04 April 2023 03:14 PM

සජබෙ උන් ටිකත් උඹලටම හේත්තු වුණාම තමා මරු, රට කාපු සෙට් එකම එක මිටියට බැඳලා පරද්දන්න පුළුවන් එතකොට.

:       15       18

Nimal Tuesday, 04 April 2023 03:27 PM

ඔයාමනෙ කිව්වෙ මහ බැංකු මන්කොල්ලයෙ සල්ලි මිටි ගඩොල් වලින් ගනන් හදල, ගඩොල් පොරනු කියක්ද වගෙ කියල... එතකොට එවට මොකද වෙන්නෙ? ඒව අයකරන්නෙ නැද්ද?

:       2       14

රෝහිත සමරකෝන් Tuesday, 04 April 2023 03:29 PM

මූ කටින්ද මොකොකෙ කථා කරන්නේ....?

:       4       19

ගම්සබා Tuesday, 04 April 2023 03:54 PM

උඹලවත් කුදලගෙන තමයි රනිල්ට යන්න සිද්ද වෙන්නේ !

:       9       15

මහසෙන් Tuesday, 04 April 2023 04:02 PM

කොයි මුඛයෙන් ද මේ අචාර්ය තුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.

:       6       16

Samitha S. Aluthgamage Tuesday, 04 April 2023 04:23 PM

කලකදී වහළු කලකදී රස වෙනවාලූ ... ඇට නැති දිව වාසියේදී ඕනෑම පැත්තකට හැරෙනවාලු ...

:       1       11

dasa Tuesday, 04 April 2023 04:38 PM

මූට මහසෝන එක්ක උනත් කමක් නැහැ උගෙ ඇමති කම රැකෙනවනන්.

:       0       0

Rohana Tuesday, 04 April 2023 05:56 PM

මේ කතාකරන්නෙ බන්දුලනෙ.. මෙයා හැරෙන හැරෙන පැත්තට වාසියට කතාකරන කෙනෙක්. ඒනිසා ඔය කියන දේවල් සතපහකට ගනන්ගන්න එපා.

:       0       0

Saman Tuesday, 04 April 2023 07:41 PM

රනිල් ගැන නම් විස්වාස කරන්න පුලුවන්. ඒත් ස්ථිර වචනයක් නැති යල්පැනපු උඹ වගේ හම්පඩ ගැන නම් මොන විස්වාසද.

:       0       0

Rata Perata Wednesday, 05 April 2023 12:01 PM

මුන් අප සමාජයේ ඉන්න පහත්ම පහත ජන කොට්ඨාශයක් .කාලකන්නි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site