(ඩයනා උදයංගනී)
ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ඔහු අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති නමුත් මෙම අවස්ථාවේදී පක්‍ෂයේත්, රටට හිතවත් කාගේත් ප්‍රධානම අභියෝගාත්මක කාර්යය හා විය යුත්තේ රට ගොඩගැනීිම බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්ය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදයක් දිනාගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.
එබැවින් රටට හොඳක් වන දෙයක් ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් උබ ගානේ ගහපං මෙහෙම පෝස්ටරයක් " මහ දවල් මහ බැංකුවේ සිදු කරන ලද මහ මංකොල්ලයේ මහ හොරාව ජනාධිපති කරමු " කියලා.
ඇයි මහින්ද සුළගට මොකද උනේ ..
සජබෙ උන් ටිකත් උඹලටම හේත්තු වුණාම තමා මරු, රට කාපු සෙට් එකම එක මිටියට බැඳලා පරද්දන්න පුළුවන් එතකොට.
ඔයාමනෙ කිව්වෙ මහ බැංකු මන්කොල්ලයෙ සල්ලි මිටි ගඩොල් වලින් ගනන් හදල, ගඩොල් පොරනු කියක්ද වගෙ කියල... එතකොට එවට මොකද වෙන්නෙ? ඒව අයකරන්නෙ නැද්ද?
මූ කටින්ද මොකොකෙ කථා කරන්නේ....?
උඹලවත් කුදලගෙන තමයි රනිල්ට යන්න සිද්ද වෙන්නේ !
කොයි මුඛයෙන් ද මේ අචාර්ය තුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.
කලකදී වහළු කලකදී රස වෙනවාලූ ... ඇට නැති දිව වාසියේදී ඕනෑම පැත්තකට හැරෙනවාලු ...
මූට මහසෝන එක්ක උනත් කමක් නැහැ උගෙ ඇමති කම රැකෙනවනන්.
මේ කතාකරන්නෙ බන්දුලනෙ.. මෙයා හැරෙන හැරෙන පැත්තට වාසියට කතාකරන කෙනෙක්. ඒනිසා ඔය කියන දේවල් සතපහකට ගනන්ගන්න එපා.
රනිල් ගැන නම් විස්වාස කරන්න පුලුවන්. ඒත් ස්ථිර වචනයක් නැති යල්පැනපු උඹ වගේ හම්පඩ ගැන නම් මොන විස්වාසද.
මුන් අප සමාජයේ ඉන්න පහත්ම පහත ජන කොට්ඨාශයක් .කාලකන්නි