
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පැවසීය.
රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පහ කෙසේ වෙතත් ඉදිරි මාස පහ ඔලුව බේරගන්න එක ගැන කල්පනා කරන්නකෝ ඉස්සෙල්ලා. මොකද විදපු බොරු සේරම එකින් එක එළිවෙනවා.
රජය කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා වැඩි පිරිසක් සිටින ආණ්ඩු පක්ෂය පමණක් නොවෙයි... රජය කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින සියලු ජනතා නියෝජිතයින් සහ සියලු රාජ්‍ය නිලධාරීන් රජය සතු සංස්ථා, මණ්ඩල හා අධිකාරිවල පළාත් පාලන ආයතන පළාත් සභා ඇතුළු සියලුම ආයතන හා කාර්‍ය මණ්ඩල වල සියලුම දෙනා තමයි... මෙතෙක් කලක් රටේ සංවර්ධනය අඩාල වෙන්න හේතුවක් වුනේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය රජය කියාගෙන ඉහතින් පෙන්වූ සියලු දෙනාම ජනතාව හැටියට හිටපු නිසා තමයි රජයේ නිලධාරින් සඳහා වලංගු ආයතන සංග්‍රහයේ තියෙනවා නිලධාරින් පවරන ඕනෑම වැඩක් කරන්න ඕනෑ කියලා ඒත් වර්තමානයේ එහෙම වෙන්නේ ඒකට විධිමත් පුහුණුවක් නැතිකම හේතුවක් වෙනවා. පුළුවන් නම් ආයතන සංග්‍රහයේ රෙගුලාසි රජයේ නිලධාරින් සේවකයින් වෙනුවෙන් ක්‍රියාත්මක නීති බවට පත්කරන්න රට හදන්න ඕනෑ නම් ඔක්කොම රජවරු..., ඔක්කොම වැසියෝ වෙන්නම ඕනෑ... නීති මගින් හෝ එහෙම කරන්න අවශ්‍ය වෙනවා...
සහනාධාර දීමෙන් නොවේ යැයි සිතමි.
තඹුත්තේගම අනුර, දුප්පත්කම කෙසේ වෙතත් දුප්පතුන්ව නැතිකරයි, බදු සහ බඩු මිල වැඩි කරලා, කුසගින්නේ තියලා...!
පොඩ්ඩක් සැර අඩුවෙලා වගේ. හදිසි වෙන්න එපා 14 පහුවෙනකම් ඉන්න. රාජ්‍ය සේවකයින් යුතුකම් ඉටුකරලා සහයෝගය දේවි...
කයිවාරුව නම් දැන් හොඳටම ඇති කියලා ඔබතුමාට හිතෙන්නේ කවද්ද ජනපතිතුමනි...?
ඇඟට දැනෙන විදියට වැඩක් කෙරෙන්න මේ ආණ්ඩුව එනකම්ම ඉන්න වුණා...
හොඳ ගමනක්, මෙවන් ජනාධිපතිවරයෙකු මීට පෙර බිහිවූයේ නම් අප අද සිටිනා තත්ත්වය මීට වඩා උසස් වනු ඇත. කුහකයන් මොන දේ කීවත් ඔබ මේ ටික කාලය තුල කල කී දෑ සාමාන්‍යජනතාව ඉහළින්ම පිළිගෙන ඇත. නමුත් කුහකයන් ඒ සියල්ල සඟවා වචනයක එල්ලී කෑ මොර දෙයි.නමුත් ජනතාව දිනෙන් දින ඔබගේ වැඩපිළිවෙළ අගය කරයි.
ඔබතුමන්ගේ සැලසුම හරියටම හරි.... අමාරුයි ඒත් කොහොම හරි ක්‍රියාත්මක කරන්න
නිකන් කන්න දෙන ගමන් විවිධ ජීවනෝපාය මාර්ග සම්බන්ධ කළ යුතුයි.
අයිස් පැකට් එකට මෙතැන කමෙන්ට්ස් දාන සෙනෙවිරත්නලා ඉන්නකන් තඹුත්තේගම අනුරලා හිතන්නේ , මෙහෙම බොරු විද විද රට කරන්න පුළුවන් කියලා !