(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරාහේන්පිට පාර්ක් පාර ඉඳිකරමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇදවැටීමෙන් තරුණයකු මිය ගොස් ඇතැයි නාරහෙන්පිට පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ හාලිඇල දික්වැල්ලහේන පදිංචිව සිටි රාමලිංගම් මානික්කම් නැමැති විසිතුන් හැවිරිදි තරුණයෙකි.

ඉදිකිරිම් වල නිරත මෙම තරුණයා කිසියම් සාදයක් පවත්වා ඇති බවත් සාදය නිමවී  මොහු කිසියම් අවශ්‍යතාවක්  සදහා පහළට ගිය අවස්ථාවේ පහළට වැටී ඇති බවද පොලිසිය පවසයි.

ඔහු සමග එම ගොඩනැගිල්ලේ සේවය කරන අනෙක් පුද්ගලයන් දෙදෙනා‍ෙ මොහු ලේ විලක් මත වැටී සිටින අයුරු දැක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාර ගත් පුද්ගලයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.