(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථික අර්බුදයත් සමග මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ප්‍රධානපෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
අලුතින් ඉදිකිරීම් නොමැති වීම සහ අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ,එම සමාගම්වල මහාපරිමාණ යන්ත්‍රෝපකරණ දිරාපත් වෙමින් තිබෙන අතර,සේවකයන්ට වැටුප් ගෙවීම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක ඉන්ජිනේරුවරයෙක් සදහන් කළේය.
මේ තත්වය ඉදිරි කාලයේදී තවත් දරුණු අතට හැරීමේ අවදානමක් තිබෙන බැවින්,ඉදිකිරීම් සමාගම් රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේය.
එසේ වුවහොත් අතිවිශාල පිරිසකට රැකියා අහිමි වන බව ද හෙතෙම කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රකින්න ආපු විරුවා ඉදිකිරීම් කර්මාන්තය කළා ගියා...
දැනටමත් වලපල්ලට ගොසින් අවසන්... කොන්ත්‍රාත්කරුවන්ට රජයෙන් බිලියන 120 ක් ලැබීමට තියෙනවා. මේ වැටුප් ලැබෙන තාක් සේවක හිඟවැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්...