IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන ‘සමස්ත ක්‍රියාකාරී දර්ශකය’ පසුගිය දෙසැම්බර් මස දර්ශනාංක 51.4 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම දර්ශනය ඉහළ අගයක් ප්‍රදර්ශනය කළ ද ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් මහා පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘති අවශ්‍ය බව එම දර්ශකයට ප්‍රතිචාර දැක්වූවන් පවසන බව ද මහ බැංකුව කීය.

හිතකර කාලගුණ තත්වය පිළිබඳව අපේක්‍ෂාව හේතුවෙන් ඉදිරි මාස තුනේ ඉදිකිරීම් කටයුතු සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මකව පවතින බවත් ඉදිරි අයවැය හරහා රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සැළසුම් හදුනාගැනීමට හැකිවනු ඇතැයි ඉදිකිරීම් ආයතන අපේක්‍ෂා කරන බවත් මහ බැංකුව කියයි.

දෙසැම්බර් මාසයේ අනුමත කළ ඉදිකිරීම් ව්‍යාපෘති සංඛ්‍යාව පෙර මාසයට සමාන මට්ටමක පැවැති බව පෙන්නුම් කරමින් නව ඇනවුම් දර්ශකය කඩයිම් මට්ටමක පැවැති බවත් සේවා නියුක්ති දර්ශකය දෙසැම්බර් මාසයේදී අඩු වේගයකින් වුවද තව දුරටත් පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉදිරිකිරීම් කටයුතුවල වර්ධනය හා සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගොස් ඇති බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දෙසැම්බර් මාසයේ ඉහළ මටට්මක පැවැති බව ද සඳහන් කරයි. 



අදහස් (0)

ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site