
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ දහයකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා එම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ ශිල්පීන් පන් දහසකට ආසන්න පිරිසක් විදේශගතව ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා මෙරට ක්‍රියාත්මක වූ ඉදිකිරීම් සමාගම්වලින් සියයට හැත්තෑවක්ද සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.
මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන කරන සියලු රාජ්‍ය ව්‍යාපෘති මෙන්මආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව යනාදි විදේශීය ණය දෙන ආයතනවල මුදල් මගින් කෙරුණු ව්‍යාපෘති බොහොමයක්ද
මූල්‍යමය අර්බුදය හේතුවෙන් නතර වී ඇතැයි ඔහු පැවසූවේය.
මේ අතර අධික භාණ්ඩ මිල හේතුවෙන් කොළඹ නගරයේ මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් බොහොමයක්ද නතරවී ඇතැයි පැවසූ ඩැරින්ටන් පෝල් මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා අහිමිවී ඇති සෘජු රැකියා සංඛ්‍යාව ලක්ෂ පහක් පමණ වන බවද පෙන්වා දුන්නේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැති වූ පිරිසට ගිණුම් ලිපිකරුවන් ගබඩා බාරකරුවන්, පෙදරේරුවන්, අත් උදව්කරුවන් සහ ජේ.සී.බී ක්‍රියාකරුවන් ඇතුළු පිරිස්ද ඇතුළත් වන බව ඔහු කීවේය.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙවිය යුතු බදු සම්බන්ධයෙන්ද අර්බුදයක් පවතින බව පැවසූ සභාපතිවරයා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඒ බදු රජය තවම ගෙවා නැතැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කොන්ත්‍රාත් කරුවන් සමග සාකච්ඡා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරවපු අය නොසෑහෙන්න විදෙස් ණය අරගෙන, එයිනුත් මහා පරිමාණයෙන් ගසා කමින් වංචාකාරී ක්‍රියාවල ප්‍රතිඵල තමයි මේ...