IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඉදිකිරීම් අංශයේ ලක්ෂ දහයකට රැකියා නැතිවෙලා

(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ )

බොහෝ සංවර්ධන  ව්‍යාපෘති නතරවීම  ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ දහයකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමයේ  සභාපති ඩැරින්ටන් පෝල් මහතා ලංකාදීපයට පැවැසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා  එම ක්ෂේත්‍රයේ  ඉංජිනේරුවරුන් සහ  තාක්ෂණ ශිල්පීන්   පන් දහසකට ආසන්න පිරිසක් විදේශගතව ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා මෙරට ක්‍රියාත්මක වූ ඉදිකිරීම් සමාගම්වලින් සියයට හැත්තෑවක්ද සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි  ප්‍රකාශ කළේය.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන කරන සියලු රාජ්‍ය ව්‍යාපෘති  මෙන්මආසියානු සංවර්ධන බැංකුව  සහ  ලෝක බැංකුව යනාදි  විදේශීය ණය දෙන ආයතනවල මුදල් මගින් කෙරුණු  ව්‍යාපෘති බොහොමයක්ද
මූල්‍යමය අර්බුදය හේතුවෙන් නතර වී ඇතැයි ඔහු  පැවසූවේය.

මේ අතර අධික භාණ්ඩ මිල හේතුවෙන් කොළඹ නගරයේ මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් බොහොමයක්ද  නතරවී ඇතැයි   පැවසූ  ඩැරින්ටන් පෝල් මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා අහිමිවී ඇති සෘජු රැකියා  සංඛ්‍යාව  ලක්ෂ පහක් පමණ වන බවද  පෙන්වා දුන්නේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැති වූ පිරිසට ගිණුම් ලිපිකරුවන් ගබඩා බාරකරුවන්,  පෙදරේරුවන්, අත් උදව්කරුවන් සහ  ජේ.සී.බී ක්‍රියාකරුවන් ඇතුළු පිරිස්ද ඇතුළත් වන බව  ඔහු කීවේය.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙවිය යුතු  බදු සම්බන්ධයෙන්ද  අර්බුදයක් පවතින බව පැවසූ සභාපතිවරයා  කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඒ බදු රජය තවම ගෙවා නැතැයිද  ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මුදල්  අමාත්‍යාංශය කොන්ත්‍රාත් කරුවන් සමග සාකච්ඡා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

ඉදිකිරීම් අංශයේ ලක්ෂ දහයකට රැකියා නැතිවෙලා

Sunil Thursday, 04 May 2023 06:04 PM

රට කරවපු අය නොසෑහෙන්න විදෙස් ණය අරගෙන, එයිනුත් මහා පරිමාණයෙන් ගසා කමින් වංචාකාරී ක්‍රියාවල ප්‍රතිඵල තමයි මේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site