
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මීට වසර 10කට පෙර අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 12 1/2 විත්තිකරුවන් සිව්දෙනාගෙන් වෙන් වෙන්ව අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට රුපියල් 27,000/-ක් සහ ඉතිරි විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000/- බැගින්ද දඩ ගෙවීමටද නියම කළේය.
රජකාරී බලතල අවභාවිතා කරමින් රජයේ නිළධාරීන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන අයුරින් කටයුතු කළ හෘද සාක්ෂියක් නොමැති කෑදරකමටමුදල රැස්කළ මෙවැනි රජයේ නිළධාරීන්ට උපරිම දඬුවම් දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස නමැත්තන්ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අල්ලසට වැඩිය ලොකු අල්ලස් ගොඩාක් ඇති. ඒවා රහසිගත බැවින්ද, සමහරක් විට රටින් පිට සිදුකර ඇති බැවින් ද දැන ගැනීමට අවකාශයක් නැත.
මේ දඬුවම ඉතාමත්ම හොඳ ආදර්ශයක්.
වසර තිස් පහක් හිරේ. අළුත් ආණ්ඩුවේ හොද ආරම්භයක්. දැන් ඉතිං දේශපාලනයේ යෙදෙමින් පාර්ලිමේන්තුවේ හිටපු හොරුන්ව අල්ලමු. අරිමු ඇතුලට එකෙන්ම බරපතල වැඩ ඇතිව.
දැන් මයේ කිරිපුතාලාට තිබුණු අමාරුව හොඳ වෙලා ඇති නේද? රේගුවේ, දේශීය ආදායම්, පොලිසිය, බන්ධනාගාරය වගේ ආයතනවල ඉන්න අයගේ වත්කම් හා ඒවා උපයාගත් ආකාරය නිසිලෙස සොයා බැලුවොත් ඉන් බහුතරක් හිරේ. නමුත් අවාසනාවට ඒවා වෙන්නේ නැහැ.
ඔය අහුවෙන ඒවා නේ. තව කොහොම ඇතිද?
නියමයි...!
බලන්න දඩමුදල්, කොච්චර පොඩිද? ඒවා වෙනස් කරන්න බැරිද?
විශිෂ්ඨ තීන්දුවකි
දැනට සේවයේ සිටින එවැනි දේවල් කරන දූෂිතයින්ට මෙයා හොඳ අනතුරු හැඟවීමක්....
නොදකින් ලංකාවේ කාලකන්ණි නීති. ඉතිහාසේ ලොකුම අල්ලසට දඩුවම රුපියල් 27,000/-. වරදකරුවෝ හොරාකාපු මුදලින් 0.02%.
ඔන්න දැන් වැඩ පටන් ගත්තා විතරයි..