
(අංජුල මහික වීරරත්න)
රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද කරුණානායක මහතා කීය.
කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි ද කරුණානායක මහතා පැවසීය.
නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නේ යැයි ද රවී කරුණානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ, අනුවණ හැත්ත කොතරම් බලගතුම සන්ධාන හැදුවත් මේ රටේ තවමත් ඇත්තේ ජනතා ඡන්ද බලයයි. ඡන්දයක් තියලා බලන්නකෝ මොකක්ද බලගතුම කියලා බලමු...
ඉස්සරවෙලාම එක ලේකම් කෙනෙක් පත්කරගෙන හිටියා නම් හොඳයි. 1994 ඉඳන් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙච්චි එජාපය එපා වෙච්චි පාක්ෂිකයින් බලන් ඉන්නවා රනිල් ආපු ගමන් වෙන කෙනෙකුට කතිරේ ගහන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...
සන්ධාන කන්නද? නුඹලා තියාගනිල්ලා...!
කියන කෙනාගේ පැටිකිරියෙන්, හරියට සංධානෙ හැටි හිතාගන්න පුළුවන්...
මොනතරම් ලොකුම සන්ධාන හැදුවත් ඡන්ද නම් බලාපොරොත්තු වෙන්න එපා...
ඔව් ඔව් සංධාන හරි, මොකක් හරි අටවගෙන මිනිසුන් රවටලා බලේට ඇවිත් හොරා කාගෙන යන්න හැර බඳිනවා දැන්. මේ කතාව ඕනෑම පක්ෂයක අයට පොදුයි. එකෙක්වත් විශ්වාස නෑ ඡන්දය දාන්නෙත් නෑ.
රෙද්ද තමයි. මොවුන් මොන සංධාන හැදුවත් මිනිස්සු නම් මොවුන්ට ඡන්දෙ දෙන්නේ නෑ. වෙන පක්වෂලින් මිනිස්සු අරන් කරන්න හදන්නේ අපිට මෙන්න ඉන්න පිරිස් කියලා පෙන්වන්න. ඒත් මන්ත්‍රීවරුන් පිල් මාරු කළාට මිනිස්සු ඔවුන් පස්සේ ගිය කාලේ ඉවරයි. මේ රටට හරියන්නේ සජිත් ප්‍රේමදාස. jvp එක කරන්නේ දැන් unp එකට කඩේ යන පිරිසක්... දැක්කනේ විලිලැජ්ජා නැතිව ITN එකට ගියේ රෙදි නැතිව...
මහ බැංකුවෙන් කොල්ල කාපු සල්ලි මදිද? තවත් හොරකම් කරනවා ලැජ්ජා නැද්ද? මම නම් ඩොලර් මිලියන 10-20 හොරකම් කරා නම් ඇමරිකාවට ගිහින් ජීවත්වෙනවා. ඔබලාට නම් හේන මදි වඳින්න...
ඔය බයිලා නවත්තලා වහාම ඡන්දයක් තියන්න කියන්න, ලොක්කාට. එතකොට අපි දන්නවා ඔය හැත්ත බුරුත්තම එළවන හැටි..
හොරු එක්ක මොන සංධානද?
මෙයා කරන්නේ තාම රට හදන එක, ඇත්තටම වෙන්නේ මොවුන් හැදෙන එක..
ඔවුන් සියල්ලෝම යැපෙන්නන්ය. රට ගොඩනැගීමට ඔවුන් කිසිවක් නොකරයි.
සජිත්ගෙ අය බයවෙලා, මොකද සජිත්ගෙන් පලුවක් ගලවා ගන්නවා මේ අය මොකද බැඳුම්කර සල්ලි තියෙනවා... ඒවා විසිකරලා මුදල් වලට කෑදර සජිත්ගෙ අය බාගන්නවා.. එහෙම නැතත් සජිත් එක්ක ලැජ්ජාවක් නැතිව එක මග යන්න බැරි අයත් මෙයාලාට එකතුවෙයි. සජිත් නෑවේ වාදෙන් පැනලා ගිය දවසේ... මම තමයි දන්නේ මාත් එක්ක හරිහරියට වැඩ කරන්න කාටවත් බැරිය කියලා.. මෙන්න කමිටු ඉස්සරහට දානව වාදෙට බයේ... කවුරු මොනසෙල්ලම් දැම්මත් මාලිමාව දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙන එක නතර කරන්න බැහැ.
රටේ බැංකු සහ ධනය තවත් කොල්ලකන්නද? නැවතත් ඔබලාව මේ රටට අවශ්‍යම නැහැ.
මෙයා හීනෙන් බයවෙලාද කොහෙද දොඩවනවා...? තවම ජීවත් වෙන්නේ 2022 ට කලින්ද?
ඉතිහාසයේ බලගතුම දූෂිත සන්දානය තමා හදන්ඩ වෙන්නේ? .මීට කලින් බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත කාලකන්නි දේසපාලුවෝ කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි .
ඔය කියන කෙහෙල් මල් සන්ධානය හදන්න මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි? මහ බැන්කු බැඳුම්කර හොරුන්ගේ සන්දානය නම් මරු? කිසිම ජනවරමක් නැති ආසනයෙනුත් පැරදුණු එකා හදන සන්ධානේ ගැන කවර කතාද?
කොහොමටත් කාක්කෝ අනතුරකදී එකට එකතු වෙනවා.මොනතරම් එකතු උනත් නායකයා අර පරණ පප්පම තමා නේද ?
මේ ජේ.වී.පී. මිනීමරු සෙට් එකට තරු පෙනෙයි, ඡන්ද ප්‍රතිඵල ආව දවසට. එතකම් අපි මේ බලා ඉන්නේ...!
අම්මෝ ඇමෙරිකාවට බය වෙලා... අනේ ඔය සංවිධානෙ අටවගෙන හිරේ පලයං... කොරපු ජාතික අපරාද වලට..
මේ සඳහා පොස්ට් කළ ප්‍රතිචරවත් බලන්න. ආර්ථික විෂයය සම්බන්ධයෙන් හ්පංද මොලයක්, නමුත් දේශපාලන වශයෙන් ගොඩ නාග ගත ප්‍රතිරූපය රින. ඡන්දයක් දිනන්න හොඳ නම් මෙතුමාව මාධ්‍යයෙන් ඈත්කරලා තබන්න නෙත්නම් තියෙන ඡන්දත් අඩු වෙයි. මමත් යූන්පී කාරයෙක්. ලංකාවේ මිනිසුන් දේශපාලනික වශයෙන් බුද්ධිමත් නොමැත.