
(අංජුල මහික වීරරත්න)
ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ලෙස සේවයේ නියුතු, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන, ඩී. ඩී. කේ. වික්‍රම ආරච්චි මහතා, ඔහුගේ නිත්‍ය තනතුරට අමතරව 2024-12-12 දින සිට ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරනු ලැබ ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාව මත, ප්‍රාදේශීය පරිපාලනයේ අත් දැකීම් බහුල නිලධාරියෙකු ස්ථිරව පත් කර ගැනීමට අවශ්‍ය වී තිබේ. ඒ අනුව, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවයේ නියුතු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ආර්. ඒ. වන්දන සමන් රණවීර ආරච්චි මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීමට සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත. ඔහු ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉඩම් කොමසාරිස් ජනරාල් පත් කරයි