IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉංජිනේරු සංස්ථා සේවකයෝ අගෝස්තු වැටුප ඉල්ලති

(යොහාන් භාසුර)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පැවැත්වූහ.

‘උද්ධමනය අහස උසට පඩිය නැතේ නියම දිනට, හොරා කෑවේ ගෙඩිය පිටින් පඩිය දෙන්නේ සලාකයට, ඉදිකිරීම් නතර කළා අපේ රැකියා අහිමි කළා සහ වැඩකළාට පඩි දෙන්නෙ නෑ පාලකයන්ට උත්තර නෑ’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධය දැක්වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු පැවසුවේ අගෝස්තු මස වැටුප පසුගිය 25 වැනිදා ලැබිය යුතුවුවද එය මේ දක්වා ගෙවන දිනයක් හෝ බලධාරීන් ප්‍රකාශ නොකරන බවත් ජූලි මස වැටුප කොටස් දෙකකින් ගෙවමින් පසුගිය 25 වැනිදා එහි දෙවැනි කොටස දුන් බවත්ය.  

ආණ්ඩුව වසර දෙකක කාලයකට ඉදිකිරීම් නතර කිරීමත් සමඟ ඉංජිනේරු සංස්ථාවට වැඩනොමැති බව කී එම නිලධාරියා එවැනි තීරණ ගත්තේ නම් ආණ්ඩුවට එහි සේවකයන් සම්බන්ධයෙන් ද පියවර ගතයුතු බව ද සඳහන් කළේය.

මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට සාකච්ඡාවක් හෝ නොදී විසඳුමක් නොදෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 



අදහස් (5)

ඉංජිනේරු සංස්ථා සේවකයෝ අගෝස්තු වැටුප ඉල්ලති

Wickey Monday, 29 August 2022 02:52 PM

මෙම ස්ථානය ද වසා දැමිය යුතුය

:       7       22

පුරවැසියෙක්.... Monday, 29 August 2022 03:40 PM

මෙම ආයතනය තව දුරටත් අවශ්‍ය එකක් ද ?

:       5       14

කිරි පුතා Monday, 29 August 2022 05:28 PM

මෙයාලා දැන් අවුරුදු ගාණක් වැඩ නැතිව පඩි අරන් නේද? එක්කෝ රජයේ සියලු ඉංජිනේරු වැඩ මෙයාලාට දෙන්න ඕනෑ.. නැත්නම් පෞද්ගලික ඉදිකිරීම් සාධාරණව කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. ඒ මොකක්වත් නැත්නම් දෙන දෙයක් දීලා ආයතනය වසා දමන්න ඕනෑ.. තව තවත් රටට බරක් නොවී..!

:       2       13

Jayalath Monday, 29 August 2022 07:44 PM

ඔය ආයතනය පුද්ගලීකරණය කරන්න තිබුණේ මීට වසර ගණනකට ඉස්සර...

:       0       0

JEEVAKA Tuesday, 30 August 2022 12:01 PM

දස දහසක් දුක්ඛ දෝමනස්සයන් දෙඋර මත හොවා ගෙන, දිවිසැරිය ගෙවන මේ අහිංසක අසරණයින්ගේ දුක, වේදනාව නොදකින පාපතරයින් කෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site