IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක්

(ටී.කේ.ජී.කපිල )

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද(10 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය .

ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද (10)  පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

එතුමිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්‍රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට - පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියහ .

ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වූවාය .



අදහස් (8)

ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක්

Sarath Wednesday, 10 January 2024 03:58 PM

සීතා ගිහිල්ලා තියෙන්නේ කූඩේ අල්ලන්නද?

:       3       39

fairoosWednesday, 10 January 2024 05:15 PM

අපේ රට රකින විරුවාගේ සෙට් එක...

:       4       19

Bamunuarachchi Thursday, 11 January 2024 04:18 AM

ඊජිප්තුවෙන් තඩි හම්බයෙක් ආවනම් නාන අරිම සත්තුටු එති නේද?

:       0       0

JANITH Wednesday, 10 January 2024 07:27 PM

මරු

:       0       0

chandima Wednesday, 10 January 2024 07:50 PM

වික්ටෝරියා ජලාශේ වගේ තවත් ජලාශයකට ස්පොට් එකක් දෙයිද ?

:       0       0

Lal Wednesday, 10 January 2024 10:34 PM

ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු .ප්‍රීතියෙන් මෙහි රැඳී සිටින්න

:       0       0

Bamunuarachchi Thursday, 11 January 2024 04:21 AM

සුද්දා ලංකාවට නොඑන්න තවමත් අපිව පාලනය කරන්නේ වඩුගයෝ.

:       0       0

ravin Thursday, 11 January 2024 08:03 AM

කරුණාකර මෙහි පලවන පින්තූරය දෙසට නෙත් යොමු කරන්න .ලොව පිළිගත් ධනයක් හා බලයක් හිමි උදවුය තමන්ගේ ගමන් මලු රැගෙන ගුවන් යානයෙන් බසින හැටි .අපේ රටේ හොරු ටිකත් ගුවන් යානයෙන් බහින්නේ මෙහෙමලු නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site