
(ගයාන් සූරියආරච්චි සහ සුමතිපාල දියගහගේ)
දෙවුන්දර තුඩුවේ සිට කිලෝ මීටර් 889 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ හය දෙනෙකු ජපන් වෙළෙද නෞකාවකට දැනුම්දීමෙන් අනතුරුව අද දින නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය.
එම ධීවරයන් හය දෙනා වෙන්නප්පුව ධීවර වරායෙන් ඉකුත් මාර්තු මස 21 වන දින බහුදින ධීවර යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.
අනතුරු එම යාත්‍රාව ආපදාවට ලක්ව ඇති බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණි.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා ලද ජපන් වෙළඳ නෞකාවක් දැනුවත් කර ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම ධීවරයන් 6 දෙනා එම වෙළෙද නෞකාව මගින් මෙරට හම්බන්තොට වරායට රැගෙන ඒමට නියමිත බව ද ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඈත මුහුදේ කැඩුනු යාත්‍රාවේ ධීවරයන් හයක් බේරා ගැනෙති