
ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග තකාර් පළාතේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11 දෙනකු සහ සිවිල් වැසියකු මියගොස් ඇතැයි ප්‍රාදේශීය වාර්තා පවසයි.
හසාරු කුර්ලුක් ගම්මානයේ මද්රාසා පාසල වෙත එල්ලවූ මෙම ප්‍රහාරයෙන් 14 දෙනකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
පළාතේ අගනුවර වන තලෝකාන්හි රෝහලක වෛද්‍යවරුන්ද සිද්ධිය සනාථ කරමින් පවසා ඇත්තේ වින්දිතයන්ගෙන් බහුතරය ළමුන් බවයි.
ඇෆ්නිස්ථාන රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ගුවන් ප්‍රහාරයෙන් මියගියේ තලේබාන් සටන් කරුවන් පිරිසක් බව ඔවුන් පවසයි.
එම පළාතේදීම තලේබාන් සටන්කරුවන් විසින් හමුදා සාමාජිකයන් 30කට වැඩි පිරිසක් මරා දැමීමෙන් දින කිහිපයකට පසුව මෙම ගුවන් ප්‍රහාර එල්ල විය.
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ්හි ගැටුම් හේතුවෙන්, මෑත සතිවල සිවිල් වැසියන් 40,000ක් පමණ සිය නිවෙස් වලින් පලාගොස් ඇති බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසන්නේ මෙම වසරේ දී ගැටුම් වලට මැදිවූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 220,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.
2012 වසරේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා මිලියන 4.1ක පමණ පිරිසක් අවතැන් වී තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ ළමයි..
කවදා හරි දවසක ඔය ත්‍රස්තවාදීනුුුුත් ඒ රජය විසින් ඉවර කර දැමූවම ඔය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියන මහා සංවිධානය ඒ රජයට විරුද්ධව නැගී සිටියි. අන්න ඒකයි එයාලගෙ න්‍යාය...