
(සුජිත් හේවාජුලිගේ )
ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල ශක්තිය මැන බැලීමේ විශේෂ පරීක්ෂණයක් අලුතින් ඇරඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 12 ක් යනතුරු පුද්ගල ශරීරයන් තුළ ඉහළ ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන බව මුලදී කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබූ බවත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 16 කදී ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා මෙම නව පරීක්ෂණය ආරම්භ කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.
අස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන සති 16ක් යනතුරු ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේ නම් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඔවුනට තව කාලයක් සිටිය හැකිවනු ඇතැයිද ජීවන්දර මහතා සඳහන් කරයි.
මෙයට අමතරව ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන්ද තවත් පරීක්ෂණයක් ආරම්භ කළ බව කී ආචාර්යවරයා එම එන්නත ලබාගෙන මාසයකින්,මාස තුනකින් සහ වසරකින් ප්‍රතිශක්තිය ශරීරයන්හි ගොඩනැගෙන ප්‍රමාණය තහවුරු කරගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ කළේය.
ස්පුට්නික් එන්නත ලබා ගත් පුද්ගලයන් 500 දෙනකුගෙන් ලබාගත් සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය අද ආරම්භ කළේය.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත්දැයි තහවුරු කරගැනීමද මේ පරීක්ෂණයේ තවත් අරමුණක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන් කරපු දෙයක ඇද හොයන එක සුපිරි හැකියාව අපිට තියෙන නිසා වැක්සීනයේ අඩුපාඩු මහාචාර්යවරු නියමෙට පෙන්වාදෙයි
ඔය කියන පරීක්ෂණ ඔක්කෝම කරලා තියෙන්නේ ඕවා හදපු කට්ටිය... බොරුවට ලකුණු දාගන්න නේද යන්නේ අරයගෙන්...
හරි නිගමනයක් දෙන්න අවම වශයෙන් 40000ක පමණ පිරිසක් සහභාගී කරගෙන මාස 06ක් වත් ගතවෙනවා. මේ ගොල්ලෝ කියන්නේ එන්නත් මගින් ප්‍රසිද්ධ කළ දේවල්...
ස්පුට්නික් එක හොඳයි කියයි අනිත් ඒවාට වැඩිය... වැඩියෙන් ගහගන්න පුළුවන් එක ගණනේ පරීක්ෂණ කරන්න.
වෙනත් රටවල මාසයක් ඇතුළත 2ම විද්දා. ලංකාවේ මොකක්ද චෙක් කරන්නේ? ඊළඟ ඡන්දය එනකම් අදින්නද හදන්නේ?
ඔන්න ඔන්න ඉතින් අලි මැද්දට ගිහින් තැලෙන්න හදනවා.