(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගම නාවික හමුදාවට රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවා නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙම මුදල ගෙවා නැත්තේ 2014-2015 අතර කාලයේදී බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රත්නා ලංකා සහ ඇවන්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපෘතිය 2021-2025 කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 14.12ක ආදායමක් උපයාගෙන ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.