
(අංජුල මහික වීරරත්න)
ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.
වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන ඇල්ල Waterfall Road මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කර තිබේ.
මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ–බල්ලකැටුව–දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල–පස්සර මාර්ගයත් සංවර්ධනය කෙරෙමින් පවතින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ඇල්ල ප්‍රවේශය සඳහා නව උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නගර මධ්‍යයේ පිහිටි අක්කර 2.5ක RDA ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන 50ක මූලික ප්‍රතිපාදන යටතේ නවීන සංචාරක සංකීර්ණයක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාර ඇතුළත් පරිශ්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
ඇල්ල නගරයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන කසළ කන්ද ඉදිරි මාස එකත් දෙකත් අතර කාලය තුළ සම්පූර්ණයෙන් ඉවත් කර එම භූමිය අලංකාර කිරීමට සැලසුම් කර තිබෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd