
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල කිනලන් වත්ත ලැයිම් අංක 13 හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශ රැසක වන රක්ෂිත, ලදු කැළෑ, පතන් වලට ගිනිතබා විනාශ කරන බවත් පොලිසිය පැවසීය .
ඇල්ල කිනලන් ෆයිනස් වගාව ට හොර රහසේ ඇතුලු වී මොහු ගිනිපෙට්ටියක් ද අතැතිව එම රක්ෂිතයට ගිනිතබන අවස්ථාවේ වන රක්ෂිතයේ රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්ලේ රක්ෂිතයන්ට ගිනි තැබූවෙක් අල්ලයි
මැක්ස් Thursday, 26 September 2024 12:51 PM
ඇල්ලුවට මදි. වනාන්තරයක අගය නොදන්නා ඔය කාලකන්නි වස්වර්තියාට උපරිම දඬුවම් දෙන්න.