
( ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවා 18 දෙනකුට තුවාල සිදුකරමින් අනතුරට පත් විනෝද චාරිකා බස් රථයේ අනතුරට හේතුව වී ඇත්තේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දැනට සිදු කර ගෙන යන පරීක්ෂණ කටයුතු වලින් අනාවරණය කරගෙන තිබේ.
බසයේ ගියර් පෙට්ටිය ගලවා පරික්ෂා කිරීමේදී බස් රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවත් , බස් රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබු බවටත් දැනට කළ පරීක්ෂණ කටයුතු වලින් පෙනී ගොස් ඇති බවත් එම නිලධාරීහු පවසති.
තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමඟ නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමින් දැන්වත් මිනිස්සු හිතට ගන්න ඕන ගමනක් බිමනක් යන්න හයර් කරන වාහනයේ රියදුරු කවුද, ඔහුට ඇති පළපුරුද්ද කොපමණද ඒ වගේම එය නිසි නඩත්තුවකට ලක්කළ එකක්ද යනවා. හොයල බලන්න. එහෙම නොවන වාහන වලට හයර් නැතිවෙනකොට උන් ඉබේම හැදේවි . ඊට අමතරව තමන් හයර් කරන වාහනයේ රියදුරා පිස්සෙක් වගේ රිය ධාවනය කරනවා නම් එම වාහනයෙන් බහින්නත් වගබලා ගන්න ඕනැ. ඔය තොරොම්බල් කරත්ත පාරෙන් ඉවත්කරන්න වගේම විනයවත් රියදුරන් පමණක් වාහන ධාවනයේ යෙදවීමට මහජනතාව හැටියට අපිටත් යම් බලපෑමක් කළ හැකියි .
මේ වාගෙ ගොබ්බයො තමයි ලංකාවේ බර වහන එළවන්න.සියලුම බර වාහන රියදුරන් වසරකට වරක් පරීක්ෂා කළ යුතුය.රියදුරු බලපත් දීමේ පරීක්ෂණ දැඩි කළ යුතුය.
රියදුරු පුහුණුවීම් වලදී මේවා කියලා දෙන්නේ නැද්ද .පල්ලම් වල ,කඳුවල යන්නේ කොහොමද කියලා .ඔය රියදුරන් පුහුණු කරන් තැන් ගැන කිසිම අදීක්ෂනයක් කරන්නේ නැද්ද මන්දා .
කිසිම නියාමනයක් නැහැය. ඒවා දන්නේවත් නැහැ. මුදල් මත යැපෙන සමාජයක් නිර්මාණය වෙලා තියනවා පසුගිය දශක ගණනාවක සිට. මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ... ඒ නිසයි අපි හැමෝම මේකට වගකියන්න ඕනෑ. ප්‍රතිපත්තියක් නැති දේශපාලන පක්ෂ බලයට ගේනාවට...
බ්‍රේක් පාගාගෙන හතරවන ගියර් එකේ බස්රථය පල්ලම් බහිනවිට බ්‍රේක් නැතිවෙනබව කියන්නත් දෙයක්ද ? රියදුරු පුහුණුවුනේ මොනවාද නොදනිමි. ජීවිත 32 ක වගකීම මේවගේ රියැදුරන්ට දුන්නාම වෙනදේ තමයි එදා සිදුවුනේ...
බර කරත්ත... තිරික්කල දැකපු අයට, මේ වගේ බර වාහනවල, අසරණ අහිංසක ජනතාව ප්‍රවාහනය කිරීමට පෙර, මේ අයගේ හැකියාවන් සදහා විශේෂ බලපත්‍ර පරීක්ෂාවක් කරන්න ඕනේ... මේ හුචක්කු බස් එකත් වාහනයක් එළවනවා වගේ දක්කන් ගියේ.... ඒකේ ප්‍රතිඵලය අතිශයින්ම කණගාටුදායකයි...