(ප්‍රසාද් රුක්මන් සහ සමන් පාලිත නානායක්කාර)
ඇල්ල නගරයේ දී අද (31) රාත්‍රී වෙඩි තැබීමක් සිදුවී එක් අයෙකු තුවාල ලබා ඇතැයි ඇල්ල පොලීසිය කියයි.
ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරි පිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලීසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට මාරුකර ඇති බවත් පොලීසිය කියයි. මෙසේ වෙඩිවැදී ඇත්තේ සංචාරක හෝටලයක සේවකයෙකුට බවද පොලිසිය කියයි.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ඔහු සොයා පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd