
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය
." සමරිසි අපට එපා." "මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි ."
පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට " යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිදහස් රටක්, ඕන කෙනෙකුට ඕන ක්‍රමේකට සාමකාමී විරෝධතා දක්වන්න පුළුවන්. බොරු චෝදනා දාල අත්අඩංගුවට ගැනීම් නෑ. මැරයො දාල පහරදීම්, බියවැද්දීම් නැහැ. මෙහෙම රටක් තමයි බහුතරයකට ඕන වුනේ.
ඉතා හොඳ ආදර්ශයක්. මේ ආණ්ඩුවට තමනට ලැබුණු ජනවරම උපයෝගී කරගෙන මේ රටට සංස්කෘතිකමය වශයෙන් කරන්නට යන හානිය ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම ගැන එම සභාවේ මන්ත්‍රීවරියන්ට අපගේ ප්‍රණාමය. රටේ අනෙකුත් සභාවලට ද තේරී පත් වී සිටින හෘදය සාක්‍ෂියක් සහිත මන්ත්‍රීවරියන්ට (මන්ත්‍රීවරුන්ටත්) ද මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් අග්‍රාමාත්‍රවරිය සහ පෝල්රාජ් මහත්මිය වැනි අයවලුන්ගේ මූලිකත්වයෙන් මෙරට ක්‍රියාත්මක කරන්නට දත කන මේ සංස්කෘතිකමය විනාසය නවතා ගත හැකියි.
ඔය අංකල්ලා, ඇන්ටිලා , සුදු රෙදි හෝදලා එන්නකෝ — බලන්න අනේ.....