IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇල්පිටිය පෙත්සමේ කරුණු තහවුරු කිරීම හෙටට කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඔක්තෝබර් 11 වැනි දින ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප‍්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු  තහවුරු කිරීම හෙට (25) දක්වා කල් තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

මෙම පෙත්සම  මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.

එහිදී මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලීම සුදුසු බව විනිසුරු මඬුල්ල සළකා බැලීම සුදුසු බව පෙන්වා දෙනු ලැබිණි.

ඒ අනුව පෙත්සම සළකා බැලීම හෙටට කල් තැබිණි.

ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හේෂාන් නයනජිත් , මලීෂ නයනජිත් සහ මෙලන් දේවින්ද්‍ර අබේවර්ධන යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගාල්ල දිස්ත‍්‍රික් තේරීම් බාර නිලධාරී සෝමරත්න විදානපතිරණ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එම කොමිසමේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. පෙත්සම්කරුවන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයෝ වෙති. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති ඡන්ද අපේක්ෂකයෝ ද වෙති.

පසුගිය අගෝස්තු 30 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇත. ගාල්ල දිස්ත‍්‍රික්ක තේරීම් බාර නිලධාරියා ලබන ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව 2139 / 13 දරණ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඬේලිමිර්ර පුවත්පතට සඳහන් කර ඇත්තේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම කර ඇත්තේ මැතිවරණ කොමිසම රැස්වී වී නොමැති යැයි කියා සිටියේය.

මේ ආකාරයට මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම නීතියට පටහැනි වේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත වේ.

මැතිවරණ කොමිසම විසින් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නව නාමයෝජනා නොකැඳවීම මඟින් ද පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇත. තවද 2017 නාමයෝජනා පත‍්‍රය යටතේ මැතිවරණය පැවැත්වීම ද නීතියට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද, ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට දින නියම කළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, එම ගැසට් නිවේදනය බල ශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද, 2017 නාම යෝජනා සඳහා මැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගමේ උපදෙස් මත නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතීඥ සුනිල් වටගල සහ නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (2)

ඇල්පිටිය පෙත්සමේ කරුණු තහවුරු කිරීම හෙටට කල්යයි

නොකවුට් Tuesday, 24 September 2019 10:55 AM

එතකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින කවුරුත් නෑ කියන්නේ......

:       0       1

chandananda Tuesday, 24 September 2019 11:20 AM

මේ පෙත්සම විසි උනොත් මිනිසුන්ගේ ඡන්ද අයිතිය නැතිකරන්න පෙත්සම් දාපු තුන්දෙනාගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වා නැතිකරන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site