IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ  )

බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

ඒ සමගම එම ආයතනය හිමිකාරිය බව කියන කාන්තාවක් පළාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.

මධ්‍යම රාත්‍රියේ දී  අධිවේගී පාලමයට ගිමන් හරින මුවාවෙන් බහුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අප ජලය බැහැර කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී  තිබිණි.



අදහස් (2)

ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට

Pradeep Kumara Sunday, 26 January 2025 10:38 AM

මේ වගේ අයට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. වගා හානිය සහ පරිසරයට සිදුකළ විනාශය තක්සේරු කර අදාල ආයතන හිමි කාරියගෙන් එය අය කර ගන්න ඕනෑ.

:       0       6

පුරන් අප්පු Sunday, 26 January 2025 11:54 AM

මෙයට වසර ගණනාවකට පෙර ඉරිදා දිනක මාතලේ නගර සභා බල ප්‍රදේශයේ නිවසක වැසිකිලි වල පිරී ඇති බැවින් කෙනෙකු සෙව්වා. නගරසභාවේ සේවකයෙකු විසින් අධික මුදලක් පොරොන්දුවී නගර සභා ගලි බව්වුසරය පැමිණ වල ඉසින්නට පටන් ගත්තා. ගලි බවුසරය පිරුණත් තවමත් වල හිස් නොවුන බැවින් නගරයේ කාණු පද්ධතියට එය මුදා හරින්නට සූදානම් වුණා. එදින අධික වැසි නිසා කාණු වේගයෙන් ගලා යන නිසා ප්‍රශ්නයක් නොවන බව එවුන් කීවා. මා එයට තදින් විරුද්ධ නිසා එය වැලකුණා. පසුදින ඒ බව කියා පිටවුණා. එහෙත් ඔවුන් එය නිතර කරන දෙයක් බව කතාවෙන් පෙනුණා. ඔවුන් කිව්වේ ඔවුන් වෙනදාට ගලී බවුසර් මුදා හරින්නේ මාතලේ මැක්ඩොවෙල් බලකොටුව තුළ ඇති සොහොන් පිටියේ වලක් කැපීමෙන්ලු. නිවාඩු දිනවල හොරෙන් අදින ගලී බවුසර් හලන්නට වල කපන්නට බැකෝ නැති නිසා කොහේ හරි හලනවාලු. සමහරවිට තවමත් එසේ සිදුවෙනවාද දන්නේ නෑ. එකල සිටි හලංගොඩ කියන ඉන්ජිනේරුවාට පසු දිනක මේ ගැන කියුවත් ඔහු තඹයකට ගණන් ගත්තේ නෑ. හිනා වුණා පමණයි. බොහෝවිට නිවාඩු දිනවල ලැබෙන මුදලින් ඔහුටත් කොටසක් යනවා ඇති. මම කියන්නේ මේ විදිහට තවමත් රටේ සිදුවෙනවා නම් මිනිසුන්ට අබ සරණයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site