
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පැය විසි හතරකදී ඇඹිලිපිටිය පොලිස් වසමෙන් දෙවන ගෑස් ලිපත් පුපුරායාමේ සිද්ධියක් අද ( 30) වර්තා වූ බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.
ඇඹිලිපිටිය කණබැදිආර, කුඩා බෝධිය අසල අබේවර්ධන කුලරත්න මහතාගේ නිවසේ මුලුතැන්ගෙයි ගෑස් සිලින්ඩරයට සම්බන්ධකර තිබූ ගෑස්ලිප මෙසේ පුපුරා ගොස් තිබෙන බව ද පොලීසිය පැවසුවේය.
වසමේ ග්රාම නිලධාරීවරිය විසින් පොලීසියට මේ බව දන්වා තිබූ බවත් පොලීසිය එහි ගොස් පරීක්ෂණ පැවැත් වූ බවත් පොලිසිය පැවසුවේය.
සිද්ධිය ඇසින් දුටු ගෙහිමි කාන්තාව වූ චන්ද්රිකා මුතුකුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.
‘මම එළවලුව ලිපේ තියලා කිරිටික දාලා වත්තට ගියා. දරුවා පොල්ටික ගගා හිටියා. එයා පොල් ගාලා ඉවරවෙලා එළියට ආවා. එකපාරම කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා. ශබ්දය මොකක්ද බලන්න දරුවා කුස්සිය පැත්තයට ගියා. එයා අම්මේ ඉක්මනට එන්න ලිප පුපුරලා කියලා මට කතා කළා. මම ටක් ගාලා ගිහිං ලිප නිව්වා. ලිප නිවුනා. වීදුරු කටු හතර වටේම වීසිවෙලා තිබුණා.’
‘දරුවා ඉඳලා එළියට ගියා විතරයි. කාවටවත් හානියක් වුණේ නෑ. ගිනි ඇවිලෙන්න ඉස්සර වෙලා මම ලිප නිව්වා. මහත්තයා ගෙදර හිටියේ නෑ. කෝල් කළාම මහත්තයා ආවා. එයා සිලින්ඩරය ගලවලා අයින් කළා. සිලින්ඩරයට සබන් වතුර දැම්මාම පෙනවගේ එනවා. එළියෙන් තිබ්බත් සිලින්ඩරයෙන් සූගාන ශබ්දය අඩි හතරක් පහක් දුරට පවා දිගටම ඇහුණා.’


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘ඒ ඉතින් ලිපනේ පුපුරලා තියෙන්නේ... ගෑස් සිලින්ඩරේ පිපුරුවේ නැහැනේ...‘‘
අපේ ගැස් ලිපෙත් වීදුරුව පිපිරුණා අවුරුදු දෙකකකට කලින්. වීදුරුව පිපිරිමට ගෑස්වල සම්බනධයක් නැත