
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල කිලොවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ දාසයක් විකුණන්නට සිදුවු බව කෙසෙල් ගොවීහු පවසති.
පිට පළාත්වලින් කෙසෙල් මිලදි ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථනයේ ඇඹුල් කෙසේල් කිලෝවක මිල රුපියල් දහයක් සහ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් තිහක් දක්වා අඩු මිලක් පැවති බව ස්ථානභාර නිලධාරී සම්පත් උදයංග මහතා පවසයි.
මේ හේතුව නිසා කෙසෙල් ගොවීන් දැඩි දුෂ්කරාතවට ලක්වු බව කී සම්පත් උදයංග මහතා මීට පෙර රුපියල් දෙසිය හතළික් වැනි ඉහළ මිලකට අලෙවි වූ කෝලිකුට්ටු කිලෝව රුපියල් හැටත් හැත්තෑවත් අතර පහළ මිලක් පැවති බව ද කියයි.
එහෙත් එළවලූ මිලදී ගැනීමට දුර පළාත්වලින් තොග වෙළෙඳුන් පැමිණි නිසා එළවලූ තොග ඉක්මනින් අවසන් වූ බව ද ඔහු කීවේය.
ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි රු:160/-, වම්බටු රු: 60/-, වට්ටක්කා රු: 50/-, කරවිල රු: 120/-, පිපිඤ්ඤා රු: 40/-, පතෝල රු: 160/- වැනි තොග මිලකකට කොලෝවක් අලෙවි වු බව ද ස්ථාන භාර නිලධාරීවරයා පැවසුවේය.
ගස්ලබු ද තොග ලැබී තිබුණත් කිලෝවක තොග මිල රුපියල් 40/-ක් වු අතර ගස්ලබු අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් තිබූ බව ද පැවසුවේය.
කෙසෙල් සහ ගස්ලබු ගොවීන් ඒවායේ මිල අඩුවීම නිසා දැඩි අපහසුතාවන් වලට ලක්වූ බව ද ඔහු සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්නට එපා. අර විපත්මග ඕකට මොනවා හරි කරයි. සෞභාග්‍යයේ දැක්ම ඔහොම තමයි. අර මන්ත්‍රීවරුන්ට අළුතින් වාහන අරන් දීලා කටයුතු ඉහළ නන්වන්නටයි ගියේ... ජෙප්පෝ ඒක කෑවානේ... නාමල් බේබි ආවාම ඔය ඔක්කෝම හරි. මේ ඉන්න අයට දැක්මක් නෑ...
හැමදාම වුණේ ඕක.. මේවාට තියෙන්න ඕනෑ සෙන්ට්රලික් ඩේටා තියෙන රිමෝට් ඇප්ස්. එතකොට මාර වාසියි. මාර ලේසියි.. පවු මේ ගොවියෝ...
අතරමැදියා මේ වෙලාවේ ගසා කෑම උපරිමෙන්ම කරනවා. ගමේ කඩේ එළවලු, පළතුරු ගිණි ගණන්. පුවාළු කිලෝව රු 200ත් පැනලා. රජය මේකට මැදිහත් වී ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් කළ යුතුයි.
ඔක්කොම වැඩ ටික රජයෙන් කරන්න බැහැ.
හිටපු අය වැරදි නිසා තමයි මේ අය ගෙනාවේ... ඒත් 1971 බිහිවූ රාජ්‍යයකින් ණය ගැනීමට තරම් මේ රට පහළට ඇද දැම්මා...
කොරෝනා කියන්නෙම ජාත්‍යන්තර ගේම් ඒකක් වගේ අපට පේන්නේ
ඇඹිලිපිටියේ කෝලිකුට්ටු තොග මිල 240/- ට විකුණුනේ කවදාද ? අවුරුදු කාලේටත් 120/- වගේ මිලක් තිබුණේ. මෙහි අනෙක් තොරතුරු නම් නිවැරදි බව පෙනේ....