(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය මෙම යතුරුපැදි දෙක අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම යතුරුපැදි දෙක හොරාගෙන ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට කොහේද හොරු අල්ලන්න වෙලාවක්.. එයාලාට වතුර ගහන්න යන්න තියෙනවා. ළමයින්ට ගහන්න යන්න තියෙනවා. ලොක්කන්ගේ සපත්තු ලෙවකන්න යන්න තියෙනවා. ඔය හොරු අල්ලලා මොනවා කරන්නද?