
යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර තාක්ෂණික මට්ටමේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ජනවාරි 23 සහ 24 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum) සිය දේශනය පැවැත්වීමෙන් අනතුරුව පැවති පැනල සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මේ බව නිවේදනය කළේය.
යුක්රේනය, රුසියාව සහ ඇමරිකාව අතර මෙවැනි ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවත්, මෙමඟින් යුද්ධය අවසන් කිරීමට මඟ පෑදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd