
(ඩී.ජී. සුගතපාල, සුමතිපාල දීයගහගේ)
අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු එම ස්ථානයේ තිබු පස් කන්දකට යටවිමෙන් අද(22) රාත්‍රි මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ විදේශිකයෙකු විසින් සංචාරක නිකේතනයක් ඉදිකරණු ලබන අතර මෙම සේවකයින් එහි කම්කරුවන් ලෙස සේවය කර ඇත. එසේ වැඩ කරමින් සිටියදී ඒ අසල ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තිදෙනා පස් කන්දට යටවි ඇතැයි පොලිසිය පවසයි.
එම අවස්ථාවේ එහි සිටි පිරිස සහ ප්‍රදේශවාසීන් එක්ව පළමුවෙන්ම එක් අයෙකු ගොඩ ගෙන 1990 ගිලන් රථයෙන් අහංගම ග්‍රාමිය රෝහල වෙත ගෙන යන ලද අතර එයට බොහෝ වේලාවකට පසු අනෙක් දෙදෙනා ගොඩට ගනු ලැබිය. ඒ වනවිට ඔවුන් දෙදෙනා මියගොස් සිටි අතර පසුව රෝහල් ගත කරන ලද පුද්ගලයාද මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇති තිදෙනා පදියතලාව මොරකැටිය 57 කණුව පදිංචි හේරත් මුදියන්සේලාගේ සුනිල් අබේරත්න දියසෙන් පුර පදිංචි හුරිවල ගෙදර අජිත් විරකෝන් සහ සහ මාතර වේරගම්පිට පදිංචි ජි.ජී.හේමන්ත මුණවිර බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මියගිය තිදෙනාගේ මළසිරුරු අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇති අතර අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

-----------------------------------------
(සුමතිපාල දීයගහගේ , ඩී.ජී.සුගතපාල සහ බී.එච්.රම්‍යා)
අහංගම තිත්තගල්ල කැරෑන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ වැඩබිමකදී අද ( 22) සවස පස් කන්දක් කඩා වැටීමෙන් පස් කන්දට යටවු තිදෙනෙකු මියගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කැරෑන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඉදිකරන වැඩ බිමක පුරවන ලද පස් කන්දක් හාරමින් සිටිය දී පස් කන්ද කඩා වැටී තිදෙනෙකු යටවු විට ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරා ගෙන පළමුව රෝහල් ගත කර ඇත. පසුව යටවී සිටි අනිත් දෙදෙනාද ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් එම දෙදෙනාද මියගොස් තිබේ.
මියගොස් ඇති තිදෙනාම එම ඉදිකිරීමෙි යෙදී සිටි සේවකයින් බව වාර්තා වේ.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd