
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය කිසිවෙකු අනුමාන නොකළ "දෙවියන්ගේ වැඩක්" බවත් ඒ හේතුවෙන් ගිවිසුම් ප්‍රකාරව ගැනුම්කරුවන්ට නියමිත වේලාව තෙල් සහ ගෑස් ලබාදීමට නොහැකි වනු ඇති බවත් ගල්ෆ් කලාපයේ ඇතැම් බලශක්ති නිෂ්පාදන රටවල් සිය ගැනුම්කරුවන්ට දන්වා ඇත.
එලෙස දැන්වූ රටවල් අතර කටාර් රාජ්‍ය, බහරේනය සහ කුවේටය සිටී.
බලශක්ති ගිවිසුම්වල ඇතුළත් "ෆෝස් මැජර්" නම් කලාතුරකින් බලාත්මක කෙරෙන නීතිමය වගන්තියක් මෙලෙස ගල්ෆ් කලාපයේ රටවල් මෙලෙස භාවිතයට ගෙන ඇති අතර කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත සහ තෙල්, ගෑස් ප්‍රවාහන නෞකාවලට ඉරානය දිගින්දිගටම ප්‍රහාර එල්ල කිරීම ගල්ෆ් කලාපයේ රටවල් එම වගන්තිය භාවිතයට ගැනීමට හේතුව වී තිබේ.
"ෆෝස් මැජර්" යනු මනුෂ්‍ය පාලනයෙන් තොර ක්‍රියාවක් හේතුවෙන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි වූ විට පාර්ශ්වයන්ට ආරක්ෂා වීම සඳහා බලාත්මක කළ හැකි නීතිමය වගන්තියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මායාව සහ දෙවියන් වහන්සේ දෙකම එකයි, ඔය කියන අය එදා ඉන්න ඇති... හැබැයි දැන් හැමදේම කරන්නේ මිනිසුන් පණතියෙන අය,... මොන දෙවියෝද මිනිසුන් මරන්න අන දෙන්නේ? දෙවියන්ගේ කාර්ය සෑම දෙනාටම එක සමානව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම... හැබැයි දැන් මේ යන විදිහට දෙවියන් අසමත්, එහෙම කෙනෙක් නෑ කියන එක තහවුරුයි...