වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

වෙනිසියුලාවේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම ගැනත් වෙනිසියුලාවේ අනාගතය ගැනත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (5) වැනිදා හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම හදිසි රැස්වීම පැවැත්වෙන බව පැවැසෙයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.