
(ගයාන් සූරියආරච්චි)
ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය.
ඊට විරෝධය පළකරමින් කම්කරු දිනය නිමිත්තෙන් අද (1) කටුනායක ඇවරියවත්ත බස් නැවතුම්පොළ අසලින් පෙළපාලියක් ආරම්භ කර කටුනායක පොළ භූමිය දක්වා ගමන් කර මැයි දින රැලියක් පවත්වන බවද ඇය පැවැසුවාය.
ඇය මේ බව පැවැසූවේ කොල්ලුපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් පැවැසූ ගයනි ගොමස් මහත්මිය කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන බිලියන 3 ක අපනයන වලින් 10% කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇඟලුම් බවය.
COMMENTS
අමුතුවෙන් මතක් කරන්න එපා ඕක තමයි ප්‍රශ්නය
අර ජනාධිපති කියූ ජොයින්ට් ඉස්ටේට්මන්ට් එක කවද්ද දාන්නේ? ප්‍රසිද්ධ වේදිකාවේදී ඇමරිකාව බද්ද අඩු කරනවා කියලා ලංකා ජනාධිපති පහුගිය දාක කියුවා... ඒත් කෝ ආරංචියක් නෑ නේ? සාකච්ඡා කරන්න ගිය ටික ආපහු ඇවිල්ලත් ඉන්නවා කියලාත් තිබ්බා, ඒත් සද්දයක් නෑ...
නිකන් ගොන් වැඩ කරන්න එපා. දින 90ක සහන කාලයක් ඇතුළත අවශ්‍ය කටයුතු ආණ්ඩුව සම්පාදනය කරන බව පසුගියදා ප්‍රකාශ කළා. මොකද මේ තත්ත්වය මුළු ලෝකයටම තිබෙනවා තත්ත්වයක් අපි එයට මුහුණ දීමට කටයුතු කළ යුතුමයි...