
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මැක්ගවර්න් ඩෝල් ව්‍යාපෘතියක් වන අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර ආහාර සහ ළමා පෝෂණ වැඩසටහනට අමතර ප්‍රදානයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 32.5 ක මුදලක් ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
එම මුදල ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන් ලක්ෂ 2 කට මීළඟ වසර 5 ක කාලය සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි ජූලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.
මෙම ප්‍රදානයත් සමඟ ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ළමා පෝෂණය සඳහා ලබා දුන් දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වන බවත් මෙමගින් සේව් ද චිල්ඩ්රන් සංවිධානයට රජයේ පාසල් ළමුන් සඳහා වන ආහාර වැඩසටහනට සහයෝගය ලබා දීමට හැකියාව ලැබෙන බවත් චන්ග් මහත්මිය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 32.5ක ප්‍රදානයක්
Kumar (Gulf) Saturday, 18 November 2023 11:43 PM
1950 කාලේ කාලාබීලා, පාසල්වල USA වලින් කාලා.., ලංකාවේ පරපුරවල් 03ක් තාම බඩගින්නේ...
sam Sunday, 19 November 2023 06:02 AM
අනිවාර්යයෙන්ම මේකෙන් 75%ක් වත් දේශපාලකයෝ ඇතුළු හෙංචයියලා නඩේ හොරාකනවා.
චතුරි Sunday, 19 November 2023 07:09 AM
ඔය මුදල් පාසල් දරුවන්ගේ නමින් ගිණුමක තැන්පත් කෙරුවා නම්... සහතිකයෙන්ම ඒ මුදල් යන්නේ ඒ දරුවන්ට. නැතිනම් මෙ මුදල්. බඩ්ගෝස්ත්‍රයින් අතරේ. බේබිලා අතරෙ බෙදීයන නිසා. එකවේලක් දීලා. වැඩ කරන්නේ නැති ලැප්ටොප් ටිකක් දීලා. ඔයිට මුදලක් වියදම් වුණා කියන්න. බිල් හදන්න නඩේ කට්ටිය හරි දක්ෂයි...!
Rata Perata Sunday, 19 November 2023 01:13 PM
මේ වගේ කොහෙන් හරි, කීයක් හරි ලැබෙනකන් බලාගෙන ඉන්න තැනට රට පත්කරපු ඔක්කෝටම සාප වේවා...! රටේ ජනතාවත් මීට වැඩිය දැනුවත් වෙන්න ඕනෑ... රටේ මොකද වෙන්නේ කියලා... දැක්කනේ මහින්ද උසාවි තීන්දුව ගැන කියන උජාරුව... රට කාපු අයගේ දේපළ රාජසන්තක කරලා හිරේදාන්න ඕනෑ.