
(අංජුල මහික වීරරත්න)
අමෙරිකා එක්සත් ජනපදය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධව සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කර තිබූ නමුත් සංචාරක තහනමක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.
මෙරටදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් ගැන විදෙස් බුද්ධි අංශයක් විසින් ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර තිබූ බව කී අමාත්‍යවරයා ඒ අනුව රජය කඩිනමින් ආරක්ෂක කවුන්සිලය කැඳවා ආරක්ෂක පියවර ගත් බව සඳහන් කළේය.
ඒ අනුව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය ඉදිරිපත් කර ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව විජිත හේරත් මහතා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දන්නේ නෑ මම මොන සල්ලිද අච්චු ගහන්නේ කියලා. ඒ නව මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නොවේ. දුප්පත් ශ්‍රී ලාංකිකයෙක්.