දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙවර නත්තලේදී ගසක් ඇමෙරිකානු ඩොලර් 80-100 ( ශ්‍රී ලංකා රුපියල් 25,000 ක පමණ) ත් අතර මිලකට අලෙවි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 ක මිල වැඩි වීමක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙයට පිළියමක් ඉක්මණින් නොයෙදුවහොත් නත්තල් ගසක මිල ඉහළ යන රටාව අනුව තව අවුරුදු කීපයක් ගතවනවිට නත්තල් තෑග්ග ලෙස නත්තල් ගස සිය දූ දරුවන්ට ලබාදීමට ඇමෙරිකානුවන්ට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ඇමෙරිකානු පවුල්වලට ඉදිරියේදී නත්තල් ගස මිලදී ගැනීමට පවා හැකියාවක් නොමැති වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඇමෙරිකාවේ 2008 වසරේදී ඇති වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් නත්තල් ගස් කර්මාන්තයට එල්ල වූ බලපෑම යම්තාක් දුරකට මග හරවා ගනිමින් නත්තල් ගස් හිඟය අවම කරගනිමින් සිටින අවස්ථාවක නැවත වතාවක් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම හේතුවෙන් නත්තල් ගස් කර්මාන්තය නැවතත් කබලින් ලිපට වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ නත්තල් ගස් වනාන්තරවල නොවැවෙන අතර ප්‍රාන්ත 50 පුරා ඇති ගොවිපොළවල් 15,000 ක පමණ නත්තල් ගස් වවනු ලබයි. එම ගොවිපළවල්වල නත්තල් ගස් මිලියන 350 ක් පමණ වැඩේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට