IMG-LOGO

ඇමෙරිකාවේ කොරෝනා අසාධිත ගණන මිලියන 7 ඉක්මවයි

ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට මිලියන 7 ඉක්මවා ගොස් තිබේ.

  එම සංඛ්‍යාව 7,185,471ක් ලෙස සටහන් වන අතර එය ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් 20%කට වඩා වැඩි අගයක් ගන්නා බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
 
 කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකාවේ සෑම දිනකම 700කට අධික පිරිසක් මියයති.
 
 එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගියේ මීට දින කිහිපයකට පෙරදීය.මිඩිවෙස්ට් ප්‍රාන්තයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේදී බෙහෙවින් ඉහළ ගොස් තිබේ.
 
කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් කොවිඩ් - 19 රෝගීන් 800,000කට වඩා තහවුරු වී ඇති අතර ටෙක්සාස්, ෆ්ලොරීඩා සහ නිව්යෝර්ක් ප්‍රාන්ත වලින් ද වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා වී ඇත.
 
 
ඇමරිකාවේ තහවුරු කරගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලෝකයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන අතර ඉන්දියාවෙන් රෝගීන් මිලියන 5.7ක් ද බ්‍රසීලයෙන් රෝගීන් මිලියන 4.6ක් ද තහවුරු වී තිබේ.
 
 මේ වනවිට ඇමරිකාවෙන් දිනකට නව රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඇමෙරිකාවේ කොරෝනා අසාධිත ගණන මිලියන 7 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site