ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.
ඇමෙරිකාවේ තිබෙන අමතර එන්නත් ‘කොවිඩ්-19’ පැතිරයන අනෙක් රටවලට බෙදාහරින්නැයි ජෝ බයිඩන් පරිපාලනයට දැඩි පීඩනයක් එල්ල වූ අතර එන්නත් ගබඩා කරගෙන සිටින බවට ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු පරිපාලනයට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා (3) සිය එන්නත් බෙදාහැරීම වැඩසටහන ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව එන්නත් බෙදාහැරීමේ පළමු කොටස යටතේ ආසියාව, ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය සහ අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 25ක් බෙදාහැරීමට නියමිත ය.
එයින් එන්නත් මාත්‍රා මිලියන හතක් ලැබෙන්නේ ආසියානු කලාපයට ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව් ගිනියාව, තායිවානය, සහ ශාන්තිකර දූපත් එම රටවල් ගොන්නට ඇතුළත් ය.
මේ අතර ජූනි මාසය අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන 80ක් ලොවපුරා බෙදාහැරීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර ඇතැයි ධවල මන්දිර වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ මොලේ නිකන්ද දන්නේ නැහැ දෙන්නේ. ඕවට සුද්දගේ භාෂාවෙන් කියන්නේ බිස්නස් ට්‍රික්ස් (ව්‍යාපාර ඉඟි) කියලා..
මෙවැනි දේවල් කොච්චර අගය කළ යුතුද? හැබැයි අපේ මිනිසුන් හැම දේකටම බනින්නේ ඇමරිකාවට... වීරවංශ, ගම්මන්පිල වගේ අය කිව්වොත් බනින්නේ ඇමරිකාවට. චීනෙට කිට්ටු වෙනවට වඩා සිය දහස් ගුණයකින් අපිට උදව් ලැබෙයි ඇමරිකාවට කිට්ටු වුණොත්...
අපේ උතුම් මාතෘභූමියේ වැඩට ඇමෙරිකාවේ ඇඟිලි ගැසීම් හෙළා දකිමු.. අධිරාජ්‍යවාදය තුරන් කරමු.
කෙලෙහි ගුණ නොදන්නා කාපු පතෙත් පහරන ජාතියකට ආයේ මොකටද බෙහෙත් එවන්නේ බයිඩන් මහත්තයෝ...? චීනුන් සරණ ගිහින් තියන ජාතියකට ආයේ ඇමරිකන් සරණක් මොකටද? බැරි වෙලාවත් ඔය බෙහෙත් ටික ලංකාවට එව්වොත්, එ්කත් බංගලාදේශයට හරි විකුණලා ගානක් පොකට් එකට දා ගනියි.. මේ රටේ පාලකයින්... ඔය එන්නත් මෙහාට එවන වෙලාවේ, ගිනි ගන්න වර්ගයේ නැවක් එව්වා නම්, අපිට ඒ හොඳටම ඇති ගොඩයන්න...
බයිඩන් මහත්තයෝ ඒවා විදින්න හෙදියෝ, දොස්තරවරු එවන්න. නැතිනම් මේ අය විකුණගෙන කාවි...
බද්රානි, ඵන්නත් මෙහාට එවන වෙලාවේ.., ගිනි ගන්න වර්ගයේ නැවක් එව්වා නම්, බද්රානිලාට නම් හොඳටම ඇති ගොඩයන්න.... කියලා කවුරුත් දන්නවා.. පතන්නේ එවැනි දේනේ....