IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඇමරිකානු තානාපති සේවිකාවගේ ගමන් බෑගයේ සිද්ධිය අධිකරණයට

(නිමන්ති රණසිංහ)

පාරේ යමින් සිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවිකාවගේ  ගමන් බෑගය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට ඊයේ (01) කරුණු  වාර්තා කළේය.

ඇමරිකානු තානාපති කාර්යාල සේවිකාව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශන ආරම්භ කළ බව කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඇමෙරිකානු ඩොලර් 1250 වටිනා කමකින් යුත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් විසි දහසක මුදලක්, හැඳුනුම්පත, රාජතාන්ත්‍රික හැඳුනුම්පත හා නිවසේ විද්‍යුත් යතුර තම ගමන් බෑගයේ  තිබූ බවට පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබූ බවද පොලිසි ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .

ඒ අනුව එම ගමන් බෑගයේ මුළු වටිනාකම රුපියල් හාර ලක්ෂ හැත්තෑ දහසක් වන බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

මෙම වනය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 380, 394, 396 වගන්ති ප්‍රකාරව වරදක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (0)

ඇමරිකානු තානාපති සේවිකාවගේ ගමන් බෑගයේ සිද්ධිය අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 211 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site