IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා

ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදා සෙබළුන් රැඳී සිටින ගුවන් කඳවුරකට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් තුර්කි පොලිසිය ඊට එරෙහි විය.

තුර්කි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදාවට මෙසේ විරෝධයක් එල්ල වූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට තුර්කියට පැමිණීමට පැය කීපයකට පෙරය.

ගාසා තීරයට පහර දෙමින් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇත. කිසිසේත් සටන් විරාමයකට නොයන බවත්, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු යුද්ධය අවසන් කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා තිබේ.

ඇමෙරිකාව ද පවසා ඇත්තේ කොන්දේසි විරහිතව තමන් ඊශ්‍රායලයට සහාය දක්වන බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site