
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව ඩෙල්ටා ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතක් ගතවෙත්ම එහි එන්ජිමක ගින්නක් හට ගැනීම හේතුවෙන් නැවතත් ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බෑමට සිදුව ඇත.
ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇට්ලැන්ටා නගරය වෙත මෙම ගුවන් යානය පියාසර කිරීමට නියමිතව තිබිණි. නමුත් ගුවන් යානය ගුවන්ගත සුළු මොහොතක් යන විට වම්පස එන්ජිමේ ගින්නක් හටගෙන ඇති අතර එහි වීඩියෝ දර්ශන මේ වනවිට විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී.
කෙසේ නමුත් යානය හදිසියේ ගොඩබෑමෙන් පසුව එන්ජිමේ ඇතිවූ ගින්න නිවා දැමීමට ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇති අතර ඉන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත.
ගින්නට හේතුව සෙවීමට මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක මෙම වසරේදී ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙය වේ.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා යානයක් උඩදී ගිනි ගනී