
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
යෝජිත සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකි වීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ හිමිකරගෙන ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම අහිමි වීම වැළකුණද, සියයට 30 ක තීරු බද්ද අපනයනකරුවන්ට තරඟකාරිත්වය පවත්වා ගෙන යා හැකි තිරසාර විසඳුමක් නොවන බව සභාපතිවරයා පැවැසුවේය.
පසුගිය වසරේ රබර් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් තුනෙන් එකක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළෙන් වන බවත් ඇමෙරිකාව මෙරට රබර් කර්මාන්තයට ඉතා වැදගත් අපනයන වෙළෙඳපොළක් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සියයට 30ක තීරු බද්ද සුළු පරිමාණ නිෂ්පාදකයින් සහ කුඩා රබර් වගාකරුවන් දහස් ගණනකට ක්ෂණිකව බලපෑම් එල්ල කරනු ඇතැයි ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවම මත්තෙම නැහැන්නේ නැතුව තවත් රටවල් සමග වෙළදාම් කරන්න උත්සාහ කළොත් හොඳයි. ඇමරිකාවට විතරද භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ? වෙළඳ අමාත්‍යාංශයේ වැගකිව යුතු නිලධාරීන් නින්දෙන් අවදි වෙලා කටයුතු කළොත් හොඳයි. උම්බෑ උම්බෑ කිය කියා ඉන්නේ නැතුව.
එක්කෝ ට්‍රම්ප් එක්ක ඩීල් ගහන්න වෙනවා ඒ අයගේ ටයර් සමාගම් ලංකාවට ඇවිල්ලා ආයෝජන කරන්න කියලා. මොකද වියට්නාමය, ඉන්දුනීසියාවේ වගේ අපිට ආනයනය සඳහා 0% බදු අඩු කරොත් විපක්ෂය විතරක් නොවෙයි... ව්‍යාපාරික ප්‍රජාවත් උද්ගෝෂණය කරනවා. අපිට 30% 10-20%ට අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය ත්‍රිකුණාමලය ඇමරිකාවට දෙන එක විතරයි. එකට ඉතිං කව්ද කැමැති...?