IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමරිකා දූතයෝ කතානායක හමු වෙති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ප්‍රමුඛ එක්සත් ජනපද ඉහළ පෙළේ නියෝජිතයෝ කථානායක  අසෝක රන්වල මහතා  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවූහ.

ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතනයේ (USAID)  ආසියා කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur) මහත්මිය සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth) මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත්ව සිටියහ.

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (USAID) අනුග්‍රහය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ගණනාවක් ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබඳතාව ඉහළ නැංවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් කථානායකවරයා ඒ පිළිබඳව සිය ස්තුතිය පළ කළේය. එසේම ඉදිරියේදීත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපද සහාය අපේක්ෂා කරන බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහය තවදුරටත් ලබාදීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඇමරිකා දූතයෝ කතානායක හමු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site