(හර්ෂණ තුෂාර සිල්වා)
සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකානු තානාපතිනිය සිය නිවේදනය මඟින් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදෙසා සෑම තරාතිරකම ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇතැයි ද කියයි.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් සඳහන් කරන ඇය එක් දේශපාලන පක්ෂය යහපත වෙනුවෙන් සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන්නැයි ද ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්නැයි ද ඇය අවාධරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘අරාබි වසන්තය’ නමැති රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල ලිබියාවට පැතිරුණේ 2011 වසරේදීය. ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ ලිබියාවට නායකත්වය දුන් ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි කැරැල්ලක් ආරම්භ විය. එම කැරැල්ල මෙහෙයවූයේ ලිබියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ආරම්භයේ දී ගඩාෆි, හමුදාව සහ පොලිසිය යොදවා විපක්ෂය සංවිධානය කළ ජනතා විරෝධතා මර්දනය කරද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සහාය විපක්ෂ කැරැලිකරුවන්ට හිමිවිය. ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ලිබියානු කැරැලිකරුවන්ට අවි ලැබුණි. ඒ අනුව, ලිබියාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය විය. කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය කිරීමෙන් පසු සිවිල් යුද්ධය අවසන් වූ නමුත්, ලිබියාව අස්ථාවර වීම කෙමෙන් ආරම්භ විය. ගඩාෆි පාලනයට එරෙහිව එක් වී සටන් වැදුණත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් දෙකඩ විය. ඇමෙරිකාවට, ප්‍රංශයට සහ නේටෝ සංවිධානයට හිතවත් කණ්ඩායම් සහ හිතවත් නොවන කණ්ඩායම් අතරේ බෙදීම් හටගත්තේය. බටහිර අනුග්‍රහයෙන් රජයක් පිහිටුවීම සිදුවුවත් එය පිළිනොගැනීමට බටහිර හිතවාදී නොවන දේශපාලන කණ්ඩායම් පියවර ගත්තේය...
ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් සිදු වෙනවාලු. දේශපාලන අස්ථාවර බවක් නම් ස්ථීර වශයෙන්ම සිදුවෙනවා සහ සිදුකරමින් ඉන්නවා. ගෝ හෝම් කාරයින් ඊළඟට කරන්නේ මොකක්ද කියලා ඔවුන් දන්නෙත් නැහැ. ජනාධිපති මැදුරේ තටාකෙන් නාලා කුස්සියෙන් කාලා ඇඳන්වල වැතිරිලා ආතල් එකක් ගන්න පෙරුම් පුරාපු අයගේ දොළ දුක සංසිඳුණා. තමන්ගේ ගෝත්‍රික චර්‍යාවන් නොමිලෙම ලෝකෙට පෙන්නුවා. ධවල මන්දිරේටත් මේ විදියට ඇතුල් වෙලා සැලකිය යුතු සිදුවීමක් කරන්න පුළුවනිද කියලා මේ නෝන මහත්තයගෙන් ඇහුවොත් එයාට කට උත්තර නැති වෙයි. එහෙ එහෙමයි, මෙහෙ මෙහෙමයි. බයිඩන් මහත්තයාගේ නාන තටාකේ, එයාගෙ කුස්සිය, එයාගේ ඇඳන්, එයාගේ නිදන කාමරේ දිග, පලල, එයාට කලින් හිටපු අය පාවිච්චි කළ වාහන එව්වා ඇමරිකානුවන් දැක්කොත් ඒ අයත් මේ වගේම කියයිද? නෑ ඒ අය ටක්කෙටම කියයි, ඕවා බයිඩන් මහත්තයාගේ පුද්ගලික දේපල නොවෙයි, ඕවා අපේ රාජ්‍ය දේපල... අපි බයිඩන් මහත්තයාට ඕවා දීලා තියෙන්නේ අවුරුදු හතරකට... ඊට පස්සේ ඕවා තිබුණු විදියටම තියලා එයා යන්න ඕනෑ... ඊළඟට එන කෙනා ඕවා පාවිච්චි කරයි. ඕවා වෙන්කරලා ආරක්‍ෂා කරන් ඉන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පරිහරණය කරන්න. අනික ඒවා අපේ රටේ අභිමානයේ සංකේත....
කෙහෙල්කැන වැට පැන්නද මන්දා...!
පාථක ප්‍රතිචාර කිසිම ප්‍රවුර්ති තීරයකට යොමු කරන්නෙ නැත්තෙ ලංකාදීපෙ ඉන්න පාටක ප්‍රත්චාර සන්ස්කාරකවරු ස්වදීන නැති නිසාද? එහෙම නැත්නම් ලංකාදීපෙ තවදුරටත් ස්වාදීන නැති නිසාද????