
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් "අම්බර්" තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ, තංගල්ල සහ ගලෙන්බිදුණුවැව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
අනුරාධපුර පූජා නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු අම්බර් තොගයක් රුපියල් ලක්ෂ අසූව පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිටින බවට ඊයේ(23) යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව , නොච්චියාගම දූෂණ මර්දන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී "අම්බර්" ග්‍රෑම් 902ක ප්‍රමාණයක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් අත්අඩංගුවට ගත් ඇම්බර්වලට මොකද වුණේ..? මේවා කුඩු වගේ විනාශකාරී දේවල් නොවේ. මෙසේ අත්අඩංගුවට ගන්න ඒවට ප්‍රෙයා්ජනවත් වැඩට කෙසේ යොදා ගන්නැයි සොයා බැලිය යුතුය.
ඇම්බර් අයිතිය කාටද? කවුද දන්න කෙනෙක් නැතිද? අල්ලන ඇම්බර් වලට මොකද කරන්නේ...? පොලිසිය හෝ උසාවිය වෙන්දේසියේ විකුණනවාද?
ඇයි ඒවා අල්ලන්නේ නීති විරෝධීද?