
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා හා මණ්ඩල වලට පත්කර ඇති ඇතැම් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ කටයුතු කළ නොහැකි බව ඇමතිවරුන් ගණනාවක් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් ඇමතිවරුන්ගේ නියෝග, උපදෙස් නොපිළිපදිමින් කටයුතු කරන බව ද එම ඇමතිවරුන් ඉහළ බලධාරීන්ට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඇතැම් ආයතනවල මෙම තත්ත්වය ඇමතිවරුන් හා ආයතන ප්‍රධානීන් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එය ආයතන පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ.
එම ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි ද එම ඇමතිවරුන් ඉල්ලා ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන ප්‍රධානීන් වෘත්තීමය සුදුසුකම් ලත්අය නම්, ඇමතිගේ උගත්කම, අත්දැකීම් හා පරිණත හැසිරීම අඩුනම් එතන එකඟතා නැති අවස්ථා ඇතිවිය හැකියි. එහි ප්‍රතිවිරුද්ධ තත්වය නොහොත් ඇමතිගේ දැන උගත්කම සහ පරිණත විනයානුකූල හැසිරීම සුදුසුකම් අඩු ප්‍රධානියෙක්ගේ හීන මානයට හේතුවිය හැක... හැබැයි මේ දෙගොල්ලන්ම ඔළුව කෙළින් තියාගෙන වැඩකරන නිහතමානි මිනිසුන් ලෙස මත ගැටුම් ධනාත්මක ප්‍රථිපල ඔස්සේ ගෙන යා හැකිය. දියුණු පුද්ගලික ආයතන සිතන්නේ එසේයි. මේ දෙගොල්ලන් ජනතාවගේ සුබ සිද්ධිය තකා මත ගැටුම් ශීලාචාර සහ ඉවසිලිමත් සංවාද ලෙස පවත්වන්නේ නම් ඉන් රටේ ප්‍රශ්න විසඳීමේ හැකියාව වැඩියි. නමුත් සිදුවන්නේ දේශපාලන ප්‍රධානීන් හා ආයතනවල එහෙයියන් හා හෙංචයියන් එක්වූවිට මෝඩ තීරණ ගනිමින් හොරකම රජයන එකයි....
මේ ආණ්ඩුව දැන් ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ... රටට නව විකල්පයක් තදින්ම අවශ්‍ය මොහොත දැන් පැමිණිලා තියෙන්නේ...
එකම විකල්පය ඇමැති අයින් කරන්න...
මේ ආණ්ඩුවට දැන් රට කරන්න බැහැ. තවත් කන්නේ නැතිව පුළුවන් කෙනෙකුට දීලා ගියොත් හොඳයි.