(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ .
ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණය ඉටුවනතුරු තමන් ඇමැති ධුරයේ කටයුතුවලින් දිගටම වැළකී සිටින බව ද ඇමතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බව නානායක්කාර මහතා හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර චොකා මල්ලි නිදහස් කරන්න කියලත් ඉල්ලීමක් කරන්න...
ඇයි ඇමතුමනි, ඉල්ලා අස්වෙන්නේ නැතුව වැඩවර්ජනය කරන්නේ? මෙවන් සම්ප්‍රදායක් කොහේද තියෙන්නේ...?
වාසු අයියා තාමත් ලියුම් ලියනවාද? දැන් ඒ කාලේ පහුවෙලානේ... වයසට නෙවෙයි නේද වැඩ...?
අනුන්ගේ ජනප්‍රියත්වයෙන් ගොඩ ඇවිත් කයිවාරු ගහනවා.. තනියෙන් ඡනදෙ ඉල්ලලා ඡන්ද 5000 අරන් පෙන්වන්න පුළුවන් නම්...!